බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමෙන්තු මන්ත්‍රී චාමර සම්පත් මහතා මැයි මස 19 වනදා දක්වා යළි රක්ෂිත බන්ධානාගාර ගත කිරිමට නියෝග කළා.
ඒ බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණය විසින් ලබා දුන් නියෝගයක් අනුවයි.
අල්ලස් කොමිසම (CIABOC) විසින් ගොනු කරන ලද නඩුවකට අදාළවයි ඔහු මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත්තේ.
ඌව පළාත් මහ ඇමති ලෙස කටයුතු කල කාලසීමාවේ පළාත් සභා ලිපි ශීර්ෂය යොදාගනිමින් පෙර පාසල් සඳහා රුපියල් මිලියනයක මුදල් එක්රැස් කර, එය තමාගේ නමින් චෙක්පතකින් ලබාගත් බව කියන චෝදනාවට අදාළ පසුගිය අප්‍රේල් 07 වන දා බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණු අතර එහිදී ඔහු අද (05) දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.