ගත වූ මාස 03ට අල්ලස් නඩු 1,250 ඉක්මවයි – අත්අඩංගුවට ගත් 6ක්ම පොලිස් නිලධාරීන්

Published on

මේ වසරේ ගත වූ පළමු මාස 03 තුළ අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණිලි 1,250කට වැඩි සංඛ්‍යාවක් ලැබී තිබෙනවා.

අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සඳහන් කළේ ජනවාරි මස 01වනදා සිට මාර්තු මස 31 වනදින දක්වා කාලය තුළ පැමිණිලි 1,267ක් ලැබී ඇති බවයි.

එම කාලය තුළ දිවයින පුරා වැටලීම් 24ක් සිදුකර ඇති අතර එහිදී සැකකරුවන් 20 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම සැකකරුවන් අතරින් 06 දෙනෙකු පොලිස් නිලධාරීන් වන අතර විදුහල්පතිවරයෙකු, කම්කරු නිලධාරියෙකු, ක්ෂේත්‍ර නිලධාරියෙකු සහ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරියෙකු ඒ අතර වන බව සඳහන්.

ඊට අමතරව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකු, සංවර්ධන නිලධාරියෙකු, අධිකරණ අමාත්‍යාංශ සේවකයෙකු, පළාත් ආදායම් දෙපාර්තමේන්තු තක්සේරු නිලධාරියෙකු සහ සිවිල් පුද්ගලයින් 06 දෙනෙකු ද මේ අතර වනවා.

ඒ අනුව මේ වසරේ ගත වු කාලය තුළ චූදිතයින් 24 දෙනෙකුට එරෙහිව අධිකරණවල නඩු පැවරීම් 21ක් සිදුකර ඇති බවයි අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වැඩිදුරටත් පැවසුවේ.

Latest articles

පාර්ලිමේන්තුවේ හිටපු ප්‍රධානියෙක් විදේශ සංචාරවලට කෝටියකට වැඩි මුදලක් භාවිත කරලා

පාර්ලිමේන්තුවේ හිටපු ප්‍රධානියකු පසුගිය කාලසීමාවේ දී විදේශ සංචාර තිහකට වැඩි සංඛ්‍යාවකට සහභාගි වී ඒ...

සින්දූර් මෙහෙයුම හුදෙක් මෙහෙයුමක් පමණක් නෙවෙයි – නරේන්ද්‍ර මෝදි

ජීවිත 26ක් බිලිගත් පෙහෙල්ගම් ත්‍රස්ත ප්‍රහාරයට ප්‍රතිචාර වශයෙන් පාකිස්තානයේ ත්‍රස්තවාදී යටිතල පහසුකම්වලට එරෙහි ප්‍රහාරයක්...

වෙළෙඳපොළේ ලුණු හිඟයක් මතු වෙලා – ලුණු නිෂ්පාදකයින්ගේ සංගමය

ලුණු ආනයනය ප්‍රමාද වීම හේතුවෙන් වෙළෙඳපොළ තුළ ලුණු හිඟයක් මතුව ඇති බව ලුණු නිෂ්පාදකයින්ගේ...

කැනඩාවේ දමිළ ස්මාරකය ගැන විදේශ කටයුතු අමාත්‍යාංශයේ අවධානය

කැනඩාවේ දී LTTE ත්‍රස්තවාදී සංවිධානයේ ඊළාම් සිතියම ඇතුළත් දෙමළ ජනසංහාර ස්මාරකයක් විවෘතකර ඇති බවට...

More like this