ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු ක්‍රියාකාරී අධ්‍යක්ෂ සහ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මහජන සම්බන්ධතා අධ්‍යක්ෂ ජනරාල් වශයෙන් කටයුතු කළ තුසිත හල්ඔලුව මහතාට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ගොනු කර තිබෙනවා.
ඒ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ග්‍රීසියේ විශාල මුදල් ආයෝජනයක් කර ඇති බවට ඔහු විසින් සිදු කරන ලද ප‍්‍රකාශය සම්බන්ධයෙන් විමර්ශනයක් කරන ලෙස ඉල්ලමින්.
ඊයේ (04) මධ්‍යම රාත්‍රියේ දී ජනතා විමුක්ති පෙරමුණේ නීතිඥවරුන් විසිනුයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මෙම පැමිණිල්ලක් ගොනු කර තිබුණේ.
ඔවුන් පවසන්නේ, අදාළ චෝදනා සාවද්‍ය බවත් එමගින් ජනපතිගේ කීර්ති නාමයට අහිතකර සහ දැඩි අගතිදායී බලපෑමක් සිදු විය හැකි බැවින් ඒ සම්බන්ධයෙන් කඩිනම් විමර්ශනයක් අවශ්‍ය බවයි.
එමෙන්ම එකී ප්‍රකාශය සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරණය කිරීමට කටයුතු කළ සමාජ මාධ්‍ය ක්‍රියාකරුවන්ට එරෙහිව ද නීත්‍යානුකූල පියවර ගන්නා මෙන් මෙම පැමිණිල්ල මගින් ඉල්ලා තිබෙන බව සඳහන්.
ජනාධිපතිවරයාගේ උපදෙස් මත ඔහුගේ නීතිඥ අකලංක උක්වත්ත මහතා විසින් මෙම පැමිණිල්ල මෙම පැමිණිල්ල ගොනු කර ඇති අතර ජනාධිපති නීතිඥ උපුල් කුමරප්පෙරුම මහතාද ඊට එක් ව සිටියා.