අද (05) උදෑසන ගල්කිස්ස, වෙරළ පාරට හැරෙන මංසන්ධියේ දී වෙඩිතැබීමක් සිදුකර තිබෙනවා.
පොලිසිය පැවසුවේ යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් වෙඩිතබා පලා ගොස් ඇති බවත්, වෙඩි වැදීමෙන් තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.
එලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ, 19 හැවිරිදි ඕබන් පෙදෙස, දෙහිවල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
ගල්කිස්ස පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.