මැතිවරණ නීති උල්ලංඝනය කරමින්, ඡන්ද පෝස්ටර් අලවමින් සිටි දෙදෙනෙකු පෝස්ටර් පහළොවක් සමඟ මනම්පිටිය ගම්මානයේ දී අත්අඩංගුවට ගත් බව මනම්පිටිය පොලිසිය පවසනවා.
මැතිවරණ නීති රීති උල්ලංඝනය කරමින් ඔවුන් මනම්පිටිය දමිළ ගම්මානයේ පෝස්ටර් අලවමින් සිටිය දී එම පෝස්ටර් තොගය සමඟ අත්අඩංගුවට ගැනීමට හැකි වූ බවයි ඔවුන් සඳහන් කළේ.
සැකකරුවන් දෙදෙනා මනම්පිටිය ප්‍රදේශයේ පදිංචි අවුරුදු 30- 35 ත් අතර වයසේ පසුවන්නන් වනවා.