දකුණු කොරියාවේ ජනාධිපති යූන් සුක් යෙයොල්ගේ විනාශකාරී යුද නීති ප්‍රකාශය සම්බන්ධයෙන් ගෙන ආ දෝෂාභියෝගය තහවුරු කිරීමට ඒකමතිකව ඡන්දය ප්‍රකාශ කිරීමට එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණය කටයුතු කර තිබෙනවා.
මෙම තීරණය අධිකරණ විනිසුරුවරුන් අට දෙනා විසින් ඒකමතිකව ගත් අතර, ඔවුන්ට පොලිසිය විසින් අමතර ආරක්ෂක ආරක්ෂාවක් ලබා දී ඇති අතර, ඉන් කලබලයට පත් යූන් හිතවාදී ආධාරකරුවන් වීදිවල පෙළ ගැසෙමින් සිටින බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
එමෙන්ම යූන්ගේ ක්‍රියාවන් “නීතියේ ආධිපත්‍යයේ සහ ප්‍රජාතන්ත්‍රවාදී පාලනයේ මූලික මූලධර්ම උල්ලංඝනය කරන අතර එමඟින් ව්‍යවස්ථාමය පිළිවෙලම අඩපණ කරන අතර ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ ස්ථාවරත්වයට බරපතල තර්ජනයක් එල්ල කරයි” යනුවෙන් විනිසුරුවරු ඔවුන්ගේ තීන්දුවේ සඳහන් කර ඇත්තේ.
ඒ අනුව දකුණු කොරියානු ජනාධිපති යුන් සුක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීම හේතුවෙන් එම ධුරයෙන් ඉවත්වීමට සිදුවෙන අතර දින 60 ඇතුළත නව ජනාධිපතිවරණයක් පැවැත්වීමට කටයුතු කළ යුතුව තිබෙනවා.
එතෙක් එරට අගමැතිවරයා වැඩබලන ජනාධිපතිවරයා ලෙස කටයුතු කරනු ඇති.