තායිවානය ආරක්ෂා කරන බව අමෙරිකාව කියයි

Published on

තායිවාන සමුද්‍ර සන්ධිය හරහා ඇතුළුව ඉන්දු-පැසිෆික් කලාපයේ ශක්තිමත්, සූදානම් සහ විශ්වාසනීය ආරක්ෂක ක්‍රමවේදයක් ක්‍රියාතමක කිරීම සඳහා ඇමෙරිකාව පොරොන්දු වන බව එරට ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත් පවසනවා.

ඔහු මෙම අදහස් පළ කර ඇත්තේ සිය ජපාන සංචාරයට සමගාමීවයි.

එමෙන්ම ඉන්දු පැසිෆික් කලාපයේ මෙන්ම දකුණු චීන මුහුදේ අත්තනෝමතික චීන ක්‍රියා ආක්‍රමණශීලී සහ බලහත්කාරකම් ලෙස හඳුන්වන ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබුණේ, “බටහිර පැසිෆික් සාගරයේ අපට මුහුණ දිය හැකි ඕනෑම හදිසි අවස්ථාවක ජපානය ඉදිරියෙන් සිටින අතර අපි එකිනෙකාට සහයෝගයෙන් එකට සිටිමු… “ඒ සම්බන්ධයෙන් අමාත්‍ය නකතානි සමග ජපානය අවට ඇති දැඩි සහ හදිසි ආරක්‍ෂක පරිසරය ගැන සාකච්ඡා කළා,” යනුවෙන්.

මේ අතර චීන මහජන විමුක්ති හමුදාව අද තායිවානය ආසන්නයේ යුද අභ්‍යාසයක් ආරම්භ කර තිබෙනවා.

එම හමුදාව පවසන්නේ තායිවානය වටා ඒකාබද්ධ හමුදා, නාවික සහ රොකට් හමුදා අභ්‍යාස පවත්වන බවයි.

මෙම අභ්‍යාස ප්‍රධාන වශයෙන් අවධානය යොමු කරන්නේ මුහුදු-ගුවන් සටන්-සූදානම මුර සංචාර, සමුද්‍රීය සහ ගොඩබිම් ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කිරීම සහ එහි භටයින්ගේ ඒකාබද්ධ මෙහෙයුම් හැකියාවන් පරීක්ෂා කිරීම බව ද චීන හමුදාව නිවේදනය කර තිබෙනවා.

Latest articles

පාර්ලිමේන්තුවේ හිටපු ප්‍රධානියෙක් විදේශ සංචාරවලට කෝටියකට වැඩි මුදලක් භාවිත කරලා

පාර්ලිමේන්තුවේ හිටපු ප්‍රධානියකු පසුගිය කාලසීමාවේ දී විදේශ සංචාර තිහකට වැඩි සංඛ්‍යාවකට සහභාගි වී ඒ...

සින්දූර් මෙහෙයුම හුදෙක් මෙහෙයුමක් පමණක් නෙවෙයි – නරේන්ද්‍ර මෝදි

ජීවිත 26ක් බිලිගත් පෙහෙල්ගම් ත්‍රස්ත ප්‍රහාරයට ප්‍රතිචාර වශයෙන් පාකිස්තානයේ ත්‍රස්තවාදී යටිතල පහසුකම්වලට එරෙහි ප්‍රහාරයක්...

වෙළෙඳපොළේ ලුණු හිඟයක් මතු වෙලා – ලුණු නිෂ්පාදකයින්ගේ සංගමය

ලුණු ආනයනය ප්‍රමාද වීම හේතුවෙන් වෙළෙඳපොළ තුළ ලුණු හිඟයක් මතුව ඇති බව ලුණු නිෂ්පාදකයින්ගේ...

කැනඩාවේ දමිළ ස්මාරකය ගැන විදේශ කටයුතු අමාත්‍යාංශයේ අවධානය

කැනඩාවේ දී LTTE ත්‍රස්තවාදී සංවිධානයේ ඊළාම් සිතියම ඇතුළත් දෙමළ ජනසංහාර ස්මාරකයක් විවෘතකර ඇති බවට...

More like this