ට්‍රම්ප් රුසියානු තෙල් සඳහා ද්විතීයික තීරුබදු පනවන බවට තර්ජනයක්

Published on

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් රුසියානු තෙල් සඳහා 25% ත් 50% ත් අතර ද්විතීයික තීරුබදු පනවන බවට තර්ජනාත්මක ප්‍රකාශයක් සිදුකර තිබෙනවා.

ට්‍රම්ප් ප්‍රකාශ කර ඇත්තේ රුසියානු ජනාධිපති විලැදිමියර් පුටින් මසක් ඇතුළත යුක්රේන සටන් විරාම ගිවිසුම සදහා එකඟ නොවුණහොත් තමන් විසින් රුසියාවේ තෙල් සදහා මෙලෙස බදු පනවන බවයි.

එසේම, ට්‍රම්ප් පුටින්ට මේ සම්බන්ධයෙන් තම අප්‍රසාදය ද පළ කර තිබෙන බවද සඳහන්.

“රුසියාවට සහ මට යුක්රේනයේ ලේ වැගිරීම් නැවැත්වීම සම්බන්ධයෙන් ගිවිසුමකට එළඹීමට නොහැකි නම්, එය රුසියාවේ වරදක් යැයි මම සිතන්නේ නම් රුසියාවෙන් පිටවන සියළුම තෙල් සඳහා ද්විතීයික තීරුබදු පනවන්නෙමි,” යනුවෙනුයි ට්‍රම්ප් පවසා ඇත්තේ.

ඔහු පැවසුවේ 25% ක තීරුබදු ඕනෑම මොහොතක සිදුවිය හැකි බවත්, මේ සතියේ පුටින් සමඟ කතා කිරීමට සැලසුම් කරන බවත්ය.

මේ අතර එක්සත් ජාතීන්ගේ අධීක්ෂණය යටතේ තාවකාලික පරිපාලනයක් යුක්රේනයේ හඳුන්වා දිය යුතු බව පුටින් යෝජනා කර තිබුණද එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් විසින් එම යෝජනාව ඉක්මනින් ප්‍රතික්ෂේප කර තිබුණා.

රුසියානු නිලධාරීන් සෙලෙන්ස්කිගේ ජනාධිපති ධුරයේ නීත්‍යානුකූලභාවය නැවත නැවතත් අපකීර්තියට පත් කර ඇති අතර, ඔහුගේ ධුර කාලය අවසන් වීමෙන් පසු කිසිදු මැතිවරණයක් පවත්වා නොමැති බව සඳහන්.

Latest articles

පාර්ලිමේන්තුවේ හිටපු ප්‍රධානියෙක් විදේශ සංචාරවලට කෝටියකට වැඩි මුදලක් භාවිත කරලා

පාර්ලිමේන්තුවේ හිටපු ප්‍රධානියකු පසුගිය කාලසීමාවේ දී විදේශ සංචාර තිහකට වැඩි සංඛ්‍යාවකට සහභාගි වී ඒ...

සින්දූර් මෙහෙයුම හුදෙක් මෙහෙයුමක් පමණක් නෙවෙයි – නරේන්ද්‍ර මෝදි

ජීවිත 26ක් බිලිගත් පෙහෙල්ගම් ත්‍රස්ත ප්‍රහාරයට ප්‍රතිචාර වශයෙන් පාකිස්තානයේ ත්‍රස්තවාදී යටිතල පහසුකම්වලට එරෙහි ප්‍රහාරයක්...

වෙළෙඳපොළේ ලුණු හිඟයක් මතු වෙලා – ලුණු නිෂ්පාදකයින්ගේ සංගමය

ලුණු ආනයනය ප්‍රමාද වීම හේතුවෙන් වෙළෙඳපොළ තුළ ලුණු හිඟයක් මතුව ඇති බව ලුණු නිෂ්පාදකයින්ගේ...

කැනඩාවේ දමිළ ස්මාරකය ගැන විදේශ කටයුතු අමාත්‍යාංශයේ අවධානය

කැනඩාවේ දී LTTE ත්‍රස්තවාදී සංවිධානයේ ඊළාම් සිතියම ඇතුළත් දෙමළ ජනසංහාර ස්මාරකයක් විවෘතකර ඇති බවට...

More like this