ගාසා තීරයේ නව සටන් විරාම යෝජනාවට හමාස් සංවිධාන එකඟ වී ඇති බව එම සංවිධානයේ ප්‍රධානියා පවසනවා.
ගාසා තීරයෙන් පිටත සිටින ජ්‍යේෂ්ඨතම හමාස් නායක කලීල් අල්-හයියාම් විදෙස් මාධ්‍ය වෙත පවසා ඇත්තේ ඊජිප්තු සහ කටාර් මැදිහත්කරුවන් විසින් එවන ලද සටන් විරාම යෝජනාවක් තම සංවිධානය අනුමත කර ඇති බවයි.
මේ අතර එම සැලැස්ම ඊශ්‍රායල අගමැතිවරයාට ලද බවත් එක්සත් ජනපදය සමග පූර්ණ සම්බන්ධීකරණයෙන් මැදිහත්කරුවන්ට ප්‍රති යෝජනාවක් ඉදිරිපත් කළ බවත් ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ කාර්යාලය සඳහන් කරනවා.
ඒ අනුව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර තිබෙන්නේ දෙපාර්ශ්වයම එකඟ වන්නේ නම් රාමසාන් මාසයේ අවසාන දිනයේදී මෙම සීමිත සටන් විරාමය ආරම්භ විය හැකි බවයි.
එසේම හමාස් සංවිධානය සෑම සතියකම තමන් රඳවාගෙන සිටින ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් පස් දෙනෙකු නිදහස් කරන බව එම යෝජනාවෙන් යෝජනා වන බවද පැවසෙනවා.