මධ්‍යම මියන්මාරයේ ඊයේ (28) ඇති වූ ප්‍රභල භූමිකම්පාවෙන් එරටේ මෙන්ම අසල්වැසි තායිලන්තයේ මියගිය සංඛ්‍යාව 150කට අධික බව වාර්තාවනවා.
ඉන් පුද්ගලයින් 750කට ආසන්න සංඛ්‍යාවක් තුවාල ලබා ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කර ඇත්තේ.
කෙසේ නමුත් තවත් බොහෝ පිරිසක් තවමත් සුන්බුන් අතර සිරවී සිටින බව කියයි.
මියන්මාරයේ පැරණි අගනගරයක් වූ මැන්ඩලේ ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් එරට වේලාවෙන් ප.ව. 12.50ට පමණ මෙම භුමි කම්පාව ඇති වූවා.
එය රික්ටර් මාපකයේ 7.7ක් ලෙසයි සටහන් වූයේ.
එමෙන්ම එම භූමිකම්පාවෙන් මිනිත්තු කිහිපයකට පසු රික්ටර් මාපකයේ 6.4ක ප්‍රබලත්වයකින් යුත් පසු කම්පන තත්ත්වයක් ද ඇති වී තිබෙනවා.
මෙම භූමිකාම්පාවල ප්‍රබලත්වය අසල්වැසි තායිලන්තයේ බැංකොක් නුවරට ද දැනී තිබුණු අතර ඒ හේතුවෙන් බැංකොක් නුවර ගොඩනැගිලි කිහිපයකට හානි සිදු වූ බව සඳහන්.
කෙසේ නමුත් විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේ භූමිකම්පාවෙන් කිසිදු ශ්‍රී ලාංකිකයෙකුට අනතුරක් සිදුව නෙමැති බවයි.
මියන්මාරය තුළ ශ්‍රී ලාංකිකයින් 200 දෙනෙක් පමණ රැඳී සිටින අතර, බැංකොක් නුවර තවත් ශ්‍රී ලාංකිකයින් පිරිසක් රැඳී සිටිනු ඇති බව එම අමාත්‍යංශය පැවසුවා.