සතියක කාලය ඇතුළත ගාසා තීරයේ දරුවන් 270කට වැඩි පිරිසක් ඊශ්‍රායල ප්‍රහාරවලින් ජීවිතක්ෂයට

Published on

හමාස් සංවිධානය සමඟ ඇතිකරගත් සටන් විරාම ගිවිසුම නිමාවට පත්වීමෙන් පසු ගත වූ සතියක කාලය ඇතුළත ගාසා තීරයේ දරුවන් 270කට වැඩි පිරිසක් ඊශ්‍රායල ප්‍රහාරවලින් ජීවිතක්ෂයට පත්වූ බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.

ගාසා යුද්ධය ආරම්භ වීමෙන් පසු ඊශ්‍රායල ප්‍රහාරවලින් දින කිහිපයක් ඇතුළත දරුවන් විශාල ප්‍රමාණයක් මිය ගිය පළමු අවස්ථාව මෙය බවයි වාර්තා වෙන්නේ.

ඊයේ වන විට ඊශ්‍රායල හමුදාව අඛණ්ඩව අටවැනි දිනයටත් ගාසා තීරයට ප්‍රහාර එල්ල කළ අතර එම ප්‍රහාරයෙන් දරුවන් 7 දෙනකු ඇතුළුව පුද්ගලයන් 23 දෙනකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ ගාසා යුද්ධය ආරම්භ වීමෙන් පසු මේ දක්වා මිය ගිය පලස්තීනුවන්ගේ සංඛ්‍යාව 50,000 ඉක්මවා ඇතැයි ද, තුවාල ලැබූ සංඛ්‍යාව 1,13,704ක් වන බව ද ගාසා තීරයේ සෞඛ්‍ය අමාත්‍යාංශය තහවුරු කර ඇති බවයි.

ඊයේ වන විට මේ දක්වා මිය ගිය සංඛ්‍යාව 61,700ක් වන බවයි ගාසා රාජ්‍ය මාධ්‍ය සඳහන් කර ඇත්තේ.

එමෙන්ම තවත් දහස් සංඛ්‍යාත පලස්තීනුවන් ප්‍රමාණයක් කඩා වැටුණු ගොඩනැඟිලි සුන්බුන් අතර අතුරුදන්වී ඇතැයි ද විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.

Latest articles

දුරගමන් සේවා බස්රථ විශේෂ පරීක්ෂාවට ලක් කරන්න පොලිසියට උපදෙස්

දුරගමන් සේවා බස්රථ විශේෂ පරීක්ෂාවට ලක්කරන ලෙස වැඩබලන පොලිස්පතිවරයා විසින් සියලුම පොලිස් ස්ථානාධිපතිවරුන් ඇතුළු...

පාර්ලිමේන්තුවේ හිටපු ප්‍රධානියෙක් විදේශ සංචාරවලට කෝටියකට වැඩි මුදලක් භාවිත කරලා

පාර්ලිමේන්තුවේ හිටපු ප්‍රධානියකු පසුගිය කාලසීමාවේ දී විදේශ සංචාර තිහකට වැඩි සංඛ්‍යාවකට සහභාගි වී ඒ...

සින්දූර් මෙහෙයුම හුදෙක් මෙහෙයුමක් පමණක් නෙවෙයි – නරේන්ද්‍ර මෝදි

ජීවිත 26ක් බිලිගත් පෙහෙල්ගම් ත්‍රස්ත ප්‍රහාරයට ප්‍රතිචාර වශයෙන් පාකිස්තානයේ ත්‍රස්තවාදී යටිතල පහසුකම්වලට එරෙහි ප්‍රහාරයක්...

වෙළෙඳපොළේ ලුණු හිඟයක් මතු වෙලා – ලුණු නිෂ්පාදකයින්ගේ සංගමය

ලුණු ආනයනය ප්‍රමාද වීම හේතුවෙන් වෙළෙඳපොළ තුළ ලුණු හිඟයක් මතුව ඇති බව ලුණු නිෂ්පාදකයින්ගේ...

More like this