2024 ලෙජන්ඩ්ස් ලීග් තරගාවලිය අතරතුර තරග පාවා දීමේ සිද්ධියකට අදාලව ‘කැන්ඩි සැම්ප් ආමි’ කණ්ඩායමේ කළමනාකරු ආකාෂ් (යෝගි) පටෙල්ට වසර 04ක සිර දඬුවමක් නියම කර තිබෙනවා. ඒ මාතලේ මහාධිකරණය විසින්.
මේ අතර මාතලේ මහාධිකරණය නියෝග කර තිබුණේ විත්තිකරුට රුපියල් මිලියන 85ක දඩයක් සහ සිද්ධියට අදාළව හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක උපුල් තරංගට සිදු වූ අපහාසය හේතු කරගෙන රුපියල් මිලියන 2ක වන්දියක් ගෙවීමයි.