තායිවාන සමුද්‍ර සන්ධිය හරහා ඇතුළුව ඉන්දු-පැසිෆික් කලාපයේ ශක්තිමත්, සූදානම් සහ විශ්වාසනීය ආරක්ෂක ක්‍රමවේදයක් ක්‍රියාතමක කිරීම සඳහා ඇමෙරිකාව පොරොන්දු වන බව එරට ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත් පවසනවා.
ඔහු මෙම අදහස් පළ කර ඇත්තේ සිය ජපාන සංචාරයට සමගාමීවයි.
එමෙන්ම ඉන්දු පැසිෆික් කලාපයේ මෙන්ම දකුණු චීන මුහුදේ අත්තනෝමතික චීන ක්‍රියා ආක්‍රමණශීලී සහ බලහත්කාරකම් ලෙස හඳුන්වන ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබුණේ, “බටහිර පැසිෆික් සාගරයේ අපට මුහුණ දිය හැකි ඕනෑම හදිසි අවස්ථාවක ජපානය ඉදිරියෙන් සිටින අතර අපි එකිනෙකාට සහයෝගයෙන් එකට සිටිමු… “ඒ සම්බන්ධයෙන් අමාත්‍ය නකතානි සමග ජපානය අවට ඇති දැඩි සහ හදිසි ආරක්‍ෂක පරිසරය ගැන සාකච්ඡා කළා,” යනුවෙන්.
මේ අතර චීන මහජන විමුක්ති හමුදාව අද තායිවානය ආසන්නයේ යුද අභ්‍යාසයක් ආරම්භ කර තිබෙනවා.
එම හමුදාව පවසන්නේ තායිවානය වටා ඒකාබද්ධ හමුදා, නාවික සහ රොකට් හමුදා අභ්‍යාස පවත්වන බවයි.
මෙම අභ්‍යාස ප්‍රධාන වශයෙන් අවධානය යොමු කරන්නේ මුහුදු-ගුවන් සටන්-සූදානම මුර සංචාර, සමුද්‍රීය සහ ගොඩබිම් ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කිරීම සහ එහි භටයින්ගේ ඒකාබද්ධ මෙහෙයුම් හැකියාවන් පරීක්ෂා කිරීම බව ද චීන හමුදාව නිවේදනය කර තිබෙනවා.