තායිවාන දූපත ආශ්‍රිත හමුදා අභ්‍යාසයන් හි ඉලක්කය බෙදුම්වාදී ක්‍රියාකාරකම් මර්දනය පමණක් බව චීනය අවධාරණය කරයි

Published on

චීන මහජන විමුක්ති හමුදාවේ නැගෙනහිර සේනාංකය චීනයේ තායිවාන් දූපත වටා පවත්වන ඒකාබද්ධ අභ්‍යාස සහ පුහුණුවීම්, චීන තායිවාන ප්‍රදේශයේ ඊනියා පාලක Lai Ching-te පරිපාලනයේ දැඩි බෙදුම්වාදී ප්‍රකෝප කිරීම් මර්දනය කිරීම වෙනුවෙන් බව චීනය පවසනවා.

චීන රාජ්‍ය මණ්ඩලයේ තායිවාන කටයුතු පිළිබඳ කාර්යාලයේ ප්‍රකාශිකා Zhu Fenglian මහත්මිය අද (1) මේ බව ප්‍රකාශ කළා.

තායිවාන ගැටළුව විසඳා රට යළි එක්සත් කිරීමට චීනය සතු අධිෂ්ඨානය ඉතා ශක්තිමත් බවත්, එම හැකියාව බිඳිය නොහැකි දෙයක් බවයි Zhu Fenglian මහත්මිය එහිදී අවධාරණය කළේ.

එමෙන්ම තායිවානය චීනයෙන් වෙන් කිරීමට කිසිවෙකුට සහ කිසිදු බලවේගයකට ඉඩ නොදෙන බවත් ඇය මෙහිදී ප්‍රකාශ කළා.

ඒ අතරම, චීනයේ මෙම ප්‍රතිප්‍රහාරයන් හි ඉලක්කය තායිවාන බෙදුම්වාදී ක්‍රියාකාරකම් මිස තායිවාන ජනතාවට එරෙහි වීමක් නොවන බව ද Zhu Fenglian මහත්මිය මෙහි දී අවධාරණය කළා.

චීන මහජන විමුක්ති හමුදාවේ නැගෙනහිර විධානයට අයත් සේනාංක තායිවාන දූපත අවට ඒකාබද්ධ හමුදා අභ්‍යාසයක් ආරම්භ කළේ අද දිනයේ දීයි.

ඊට චීනයේ යුධ, නාවික, ගුවන් හා රොකට් බලකායන්ට අයත් භට පිරිස් එක්ව සිටිනවා.

ඔවුන් තායිවාන දූපත ආසන්නයේ විවිධ දිශා ඔස්සේ එම අභ්‍යාසයට එක්ව සිටින බවයි එරට නැගෙනහිර විධානයේ ප්‍රකාශකවරයා පවසන්නේ.

එම අභ්‍යාසයේ දී මුහුදු – ගුවන් සටන් සූදානම් මුර සංචාර, ඒකාබද්ධ පූර්ණ අධිකාරීත්වය අත්පත් කර ගැනීම, නාවික හා භූමි ඉලක්ක වෙත පහර දීම, ප්‍රධාන ප්‍රදේශ හා මුහුදු මාර්ග අවහිර කිරීමෙන් හමුදාවන්හී ඒකාබද්ධ මෙහෙයුම් ධාරිතාව පරීක්ෂාවට ලක් කිරීම තුළ ප්‍රධාන වශයෙන් අවධානයට ලක් කෙරෙන බවයි චීන මාධ්‍ය පවසන්නේ.

‘තායිවාන ස්වාධීනත්ව’ බෙදුම්වාදී බලවේගයන්‍ට එරෙහි මෙම අභ්‍යාස මගින් දැඩි අනතුරු ඇඟවීමක් සිදු කෙරෙන අතරම එය චීන ස්වෛරීත්වය හා ජාතික එක්සත්භාවය සුරක්ෂිත කිරීමේ නීත්‍යනුකූල හා අවශ්‍ය පියවරක් බව ද චීනය පවසනවා.

Latest articles

දුරගමන් සේවා බස්රථ විශේෂ පරීක්ෂාවට ලක් කරන්න පොලිසියට උපදෙස්

දුරගමන් සේවා බස්රථ විශේෂ පරීක්ෂාවට ලක්කරන ලෙස වැඩබලන පොලිස්පතිවරයා විසින් සියලුම පොලිස් ස්ථානාධිපතිවරුන් ඇතුළු...

පාර්ලිමේන්තුවේ හිටපු ප්‍රධානියෙක් විදේශ සංචාරවලට කෝටියකට වැඩි මුදලක් භාවිත කරලා

පාර්ලිමේන්තුවේ හිටපු ප්‍රධානියකු පසුගිය කාලසීමාවේ දී විදේශ සංචාර තිහකට වැඩි සංඛ්‍යාවකට සහභාගි වී ඒ...

සින්දූර් මෙහෙයුම හුදෙක් මෙහෙයුමක් පමණක් නෙවෙයි – නරේන්ද්‍ර මෝදි

ජීවිත 26ක් බිලිගත් පෙහෙල්ගම් ත්‍රස්ත ප්‍රහාරයට ප්‍රතිචාර වශයෙන් පාකිස්තානයේ ත්‍රස්තවාදී යටිතල පහසුකම්වලට එරෙහි ප්‍රහාරයක්...

වෙළෙඳපොළේ ලුණු හිඟයක් මතු වෙලා – ලුණු නිෂ්පාදකයින්ගේ සංගමය

ලුණු ආනයනය ප්‍රමාද වීම හේතුවෙන් වෙළෙඳපොළ තුළ ලුණු හිඟයක් මතුව ඇති බව ලුණු නිෂ්පාදකයින්ගේ...

More like this