මියන්මාරයේ සිදු වූ ප්‍රබල භූකම්පනයෙන් පසුව එරට සතියක ශෝක කාලයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ පසුගිය 28 වනදා සිදු වූ මෙම ප්‍රබල භූ කම්පනයෙන් මේ වන විට මියගොස් ඇති සංඛ්‍යාව දෙදහසකට අධික බවයි .
එමෙන්ම, තවත් තුන් දහසකට වැඩි පිරිසක් තුවාල ලබා තිබෙනවා.
භූ කම්පනය හේතුවෙන් එරට රෝහල්වලට හානි සිදු වී ඇති බැවින් ප්‍රතිකාර කටයුතුවලටද බාධා එල්ල වී ඇති බවයි විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කළේ.