ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් රුසියානු තෙල් සඳහා 25% ත් 50% ත් අතර ද්විතීයික තීරුබදු පනවන බවට තර්ජනාත්මක ප්‍රකාශයක් සිදුකර තිබෙනවා.
ට්‍රම්ප් ප්‍රකාශ කර ඇත්තේ රුසියානු ජනාධිපති විලැදිමියර් පුටින් මසක් ඇතුළත යුක්රේන සටන් විරාම ගිවිසුම සදහා එකඟ නොවුණහොත් තමන් විසින් රුසියාවේ තෙල් සදහා මෙලෙස බදු පනවන බවයි.
එසේම, ට්‍රම්ප් පුටින්ට මේ සම්බන්ධයෙන් තම අප්‍රසාදය ද පළ කර තිබෙන බවද සඳහන්.
“රුසියාවට සහ මට යුක්රේනයේ ලේ වැගිරීම් නැවැත්වීම සම්බන්ධයෙන් ගිවිසුමකට එළඹීමට නොහැකි නම්, එය රුසියාවේ වරදක් යැයි මම සිතන්නේ නම් රුසියාවෙන් පිටවන සියළුම තෙල් සඳහා ද්විතීයික තීරුබදු පනවන්නෙමි,” යනුවෙනුයි ට්‍රම්ප් පවසා ඇත්තේ.
ඔහු පැවසුවේ 25% ක තීරුබදු ඕනෑම මොහොතක සිදුවිය හැකි බවත්, මේ සතියේ පුටින් සමඟ කතා කිරීමට සැලසුම් කරන බවත්ය.
මේ අතර එක්සත් ජාතීන්ගේ අධීක්ෂණය යටතේ තාවකාලික පරිපාලනයක් යුක්රේනයේ හඳුන්වා දිය යුතු බව පුටින් යෝජනා කර තිබුණද එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් විසින් එම යෝජනාව ඉක්මනින් ප්‍රතික්ෂේප කර තිබුණා.
රුසියානු නිලධාරීන් සෙලෙන්ස්කිගේ ජනාධිපති ධුරයේ නීත්‍යානුකූලභාවය නැවත නැවතත් අපකීර්තියට පත් කර ඇති අතර, ඔහුගේ ධුර කාලය අවසන් වීමෙන් පසු කිසිදු මැතිවරණයක් පවත්වා නොමැති බව සඳහන්.